‘ශිල්පාභිෂේක’ හස්ත කර්මාන්ත නිර්මාණ තරගය විලාසිතා දැක්ම මහනුවර දී
‘ශිල්පාභිෂේක’ හස්ත කර්මාන්ත නිර්මාණ තරගය විලාසිතා දැක්ම මහනුවර දී
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘ශිල්පාභිෂේක’ හස්ත කර්මාන්ත නිර්මාණ තරගය විලාසිතා දැක්ම සහ ‘බෙරය’ නිර්මාණාත්මක ප්‍රසංගය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් "මහනුවර රාත්‍රී වෙළඳපොළ" ට (Kandy Breeze Night) සමගාමීව මහනුවර නගරයේදී (27) දින රාත්‍රීයේදී පැවැත්විණි.බතික් ඇඟලුම්, ආභරණ සහ සම්ප්‍රදායික මුල් ඇඳුම් යන කලා ශිල්ප සංරක්ෂණය කිරමින් තරුණ නිර්මාණකරුවන් දිර ගැන්වීම සහ ඔවුන්ගේ නිර්මාණ ඇගයීම සඳහා වර්ෂිකව පවත්වනු ලබන තරගාවලිය යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදි බතික් ඇඟලුම්, ආභරණ සහ සම්ප්‍රදායික මුල් ඇඳුම් ආශ්‍රීත විලාසිතා දැක්ම පැවැත් වූ අතර එම නිර්මාණ සිදුකරණ ලද ශීල්පීන් ඇගයීම ද සිදු කෙරිණි. මීට සමගාමීව ‘බෙරය’ නිර්මාණාත්මක ප්‍රසංගය ද පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයග්‍රීනී අමරකෝන් සහ ටි.කේ. ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.
