අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ

අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ

අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක ධූරප්‍රාප්ත අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේ වෙත අනුනායක ධුරය සඳහා වූ අක්ත පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‍(03) මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්විණි.මල්වතු - අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේ සහ කාරක මහා සංඝ සභික ස්වාමින් වහන්සේලාද, අන්‍යාගමික පූජකවරුද, මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක්ද , මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා, දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook