ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 'පාවෙන පුස්තකාලය' සිසු අයිතියට
ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 'පාවෙන පුස්තකාලය' සිසු අයිතියට
කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කළ 'පාවෙන පුස්තකාලය' විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයෙන් ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී (14) දින පැවැත්විණි.ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩී.ආර්.ඩබ්ලිව්.එන්.බී. හේනේගම මහතාගේ සංකල්පනාවක් මත විද්‍යාලයේ 1994 ආදි සිසු එකමුතුවේ මූල්‍ය දායකත්වය මත නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වූ ආරියවතී ගලප්පත්තී මහත්මියගේ යාත්‍රා පරිත්‍යාගයෙන් ට්‍රෝලර් යාත්‍රාවක් තුළ 'ලොව පළමු පාවෙන පුස්තකාලය' ලෙස මෙය නිර්මාණය කර සිසු අයිතියට පත් කිරීම සිදුවිණි. මීට සමගාමීව පරිත්‍යාගශීලීන් විසින් විද්‍යාලයේ නව පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම සහ1994 ආදි සිසු එකමුතුව විසින් පුස්තකාලය නිල වශයෙන් විද්‍යාල වෙත භාර දීම ද සිදුවිය.මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්තී, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගලගෙදර ප්‍රාදේශීය ලේකම් සමීර රත්නායක, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජීවා එන්. වීරසුන්දර, නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනානි රන්කොත්ගේ,1994 ආදි සිසු එකමුතුවේ සභාපති දුෂ්මන්ත අලහකෝන් යන මහත්ම මහත්මීන් නාවුක හමුදා නිලධාරීන්, ගුරුභවතුන්, ආදි සිසුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.
