පාසල් දරුවන්ට ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන පුහුණුවක්

පාසල් දරුවන්ට ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන පුහුණුවක්

පාසල් දරුවන්ට ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන පුහුණුවක් පාසල් දරුවන්ට ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන පුහුණුවක්... “Ethics in action” – NextGen Leaders පාසල් දරු දැරියන් තුළ යහපත් ආචාරධර්ම පද්ධතියක් ඇති කරලීම සදහා සංවිධානය කරනු ලබන “Ethics in action” – NextGen Leaders ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන පුහුණු ජාතික වැඩසටහනේ සමාරම්භය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් ශ්‍රවනාගාරයේදී අද (25) ආරම්භ කෙරිණී. "ක්ලීන් ශ්‍රී ලංකා" ලංකා වැඩසටහනේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් ලෙස සැලකෙන ආචාර ධර්ම ක්ෂේත්‍රය ඔස්සේ සමාජයේ සිදු කළ හැකි ධනාත්මක වෙනස අපේක්ෂාවෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය, "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අමාතයංශය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.මෙම වැඩසටහන පාසල් දරුවන්ගේ මෘදු කුසලතා සංවර්ධනය, ඒ හා සමගාමීව එම දරුවන්ගේ නායකත්ව කුසලතා හා ආකල්ප සංවර්ධනය තුළින් ස්වයං ආචාර ධර්ම පද්ධතියක් දරුවන් තුළ ඇති කරලීම, දරුවන් තුළ පාසල පිළිබඳ, තමන් උපන් මව්බිම පිළිබද ධනාත්මක ආකල්ප වර්ධනය, දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන්ම මව්පිය භූමිකා සංවර්ධනය හා දැනුවත්භාවය වර්ධනය කීරිම අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරේ.මෙහිදී සහභාගි වූ සිසු දරුවන්ගේ ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධන සඳහා දැනුවත් කිරිමේ දේශන, විවිධ ක්‍රියාකාරකම්, ප්‍රායෝගික පුහුණුව ආදි සහිත සිව්දින පුහුණුවක් ලබාදීමට නියමිතය.මෙම සමාරම්භක වැඩසටහන සදහා මහනුවර,වත්තේගම,කටුගස්තොට,තෙල්දෙණිය, හඟුරන්කෙත යන කලාප 05 නියෝජනය කරමින් තෝරාගත් සිසු දරුවන් පිරිසක් එක් වූහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිහාල් අලහකෝන්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනී,"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ මධ්‍යම පලාත් සම්බන්ධීකරණ අධ්‍යයක්ෂ සමන්තා දසනායක, මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ විදුහල්පති අසේල රණසිංහ යන මහත්වරුන්ද ඇතුලු කලාප කාර්යාල නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook