මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණි.මාතලේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රජය, අමාත්‍යංශ හා මධ්‍යම පළාත් ප්‍රතිපාදන යටතේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතිය ද මෙහි දි සමාලෝචනය කිරීම ද වත්මන් රජයේ "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය හා "ප්‍රජා ශක්ති" ව්‍යාපාරය පිළිබඳවද දැනුවත් කිරීම ද සිදුකෙරුණි. මෙහිදී වෙනුවෙන් 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලබන සියලු ව්‍යාපෘති වර්ෂය අවසන් වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධිකරණ කමිටුවේ විශේෂ අවධානයක් යොමු කෙරිණී. මාතලේ දිස්ත්‍රික්කයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් පවතින විභාග ප්‍රතිඵල, සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය හා ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදුවිණී.දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය, ප්‍රවාහන කටයුතු, කෘෂිකර්ම, ඇතුළු කරුණු පිළිබදව මෙහිදී සාකච්ජාවට බඳුන්විය.මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත පෙරේරා, දීප්ති වාසලගේ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි යන මහත්ම මහත්මීන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම් වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook