කොත්මලේ අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක්

කොත්මලේ අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක්

කොත්මලේ අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් කොත්මලේ පූඩළු ඔය දෙමළ මහා විද්‍යාලයේදී පසුගියදා (16) පැවැත්විණි. මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි. නඩරාජා මහතාගේ පරිවර්තන සහයෙන් හා සම්බන්ධිකරන්යෙන් පැවැත්විණ. එය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් සමන්විත විය.කොත්මලේ කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යක්ෂ(සංවර්ධන) ඒස්.ඩී.ආර්.පෙරේරා මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට පූඩළුඔය දෙමළ මහා විද්‍යාලය, විවේගානන්ද මහා විද්‍යාලය හා ශිවානන්ද හින්දු විද්‍යාලයේ මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook