ගම්පොළ අධ්‍යාපන කලාපයට තවත් පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක්
ගම්පොළ අධ්‍යාපන කලාපයට තවත් පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක්
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් මාධ්‍ය ඒකකය එක්ව පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් ගම්පොළ කලාප කාර්යාලයේදී පසුගියදා (23) පැවැත්විණි. ගම්පොළ කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ. පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් මෙම වැඩසටහන සමන්විත විය. ගම්පොළ කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණමාලි රත්නායක මහත්මියගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට ගම්පොළ සහිරා විද්‍යාලය, කදිරේශන් මධ්‍ය මහා විද්‍යාලය හා හින්දු ජාතික පාසලේ මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.
