හැටන් කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වේ

හැටන් කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වේ

හැටන් කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් මාධ්‍ය ඒකකය එක්ව පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් හැටන් ශ්‍රීපාද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා (24) පැවැත්විණ.හැටන් කලාපයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් හා රන්ජන් මහතාගේ භාෂා පරිවර්තන දායකත්වයෙන් පැවැත්විණ. පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් මෙම වැඩසටහන සමන්විත විය. හැටන් කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.එම්.එන්.සී. කුමාර මහතාගේ හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජයනන්තිනි මහත්මියගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රී ශිවානන්ද විද්‍යාලය, කළුගල මහා විද්‍යාලය, නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලය, හොරෙන්සි ජාතික පාසල හා ගෞරවිල දෙමළ මහා විද්‍යාලයේ මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook