මහනුවර අධ්‍යාපන කලාපයේ ළමා මලල ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ.
මහනුවර අධ්‍යාපන කලාපයේ ළමා මලල ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ.
මහනුවර අධ්‍යාපන කලාපයේ ළමා මලල ක්‍රීඩා සැණකෙළිය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශාන්ත අන්තෝනී බාලකා මහ විද්‍යාලයිය ක්‍රීඩාංගණයේදී (06) දින ආරම්භ කෙරිණී.මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙලේ විශේෂ ආරධිතයෙක් ලෙස දකුණු ආසියාවේ වේගවත්ම මලල ක්‍රීඩකාව ලෙස රන්පදක්කම් තුනක් දිනාගත් සෆියා යමික් ක්‍රීඩිකාව ද එක් වූවාය.මෙම තරගාවලිය සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ, පාසල්වල ප්‍රාථමික අංශයේ 3,4,5 ශ්‍රේණිවල බාලක, බාලිකා සහ මිශ්‍ර යන තරග අංශ යටතේ සිසු දරුවන් තෙදිනක් පුරා (06/07/08) ශාන්ත අන්තෝනී බාලකා මහ විද්‍යාලයිය ක්‍රීඩාංගණයේදී තරග වැදීම සිදු කරයි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා සහ මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාප කාර්යාලයේ නිලධාරීන් සිසු දරුවන් හා දෙමාපියන් පිරිසක් එක් වූහ.
