කුණ්ඩසාලේ, අලුත්වත්ත කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ සකච්ඡාවක්
කුණ්ඩසාලේ, අලුත්වත්ත කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ සකච්ඡාවක්
කුණ්ඩසාලේ, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සංවිධානය සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (10) දින පැවැත්විණි.මෙම කසළ කළමනාකරණ ව්‍යාපෘතියට අදළව මේ දක්වා ප්‍රගතිය, එම ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන වැඩපිලිවෙළ ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ කරුණු පිළිබඳව මෙම සකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාවට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ඉහිල්ලගොල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් වී.එච්.ජි.එන්. පාලිතරත්න මහතා යන මහත්ම මහත්මින්, අතුලු පිරිසක් එක්වූහ.
