මධ්‍යම පළාතේ අධ්‍යාපන පරිපාලන සහ විදුහල්පති සේවයට නවක නිලධාරින් පිරිසක්

මධ්‍යම පළාතේ අධ්‍යාපන පරිපාලන සහ විදුහල්පති සේවයට නවක නිලධාරින් පිරිසක්

මධ්‍යම පළාතේ අධ්‍යාපන පරිපාලන සහ විදුහල්පති සේවයට නවක නිලධාරින් පිරිසක් මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා පත්වීම් ප්‍රදානය කිරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා‌ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (09) දින පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම පත්වීම් ප්‍රදානයේදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් 44ක් පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල වෙත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් 40 ක් සදහා තෝරාගත් පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කෙරේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා‌ මෙහිදි අදහස් දක්වමින් සියළු දරුවන් සඳහා සමාන අධ්‍යාපන අයතිවාසිකම් හිමි විය යුත බවත් වර්තමාන රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කොට කටයුතු කරන බව පැවසීය. එමෙන්ම කුසලතා සහ සහකම්පනය සහිත සිසු දරුවන් පිරිසක් නිර්මානය කර ගත යුතු බවත් ඒ් සඳහා වන වගකීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස වෙත වග කීම පවැනෙ බවත් ආණ්ඩුකාරවරයි පැවසීය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපාන පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි, සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල යන මහත්ම මහත්මීන් සහ පත්වීම්ලාභින් පිරිසක් ඒක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook