මධ්‍යම පළාතේ සංවර්ධන ප්‍රගතිය සමාලෝචනයට

මධ්‍යම පළාතේ සංවර්ධන ප්‍රගතිය සමාලෝචනයට

මධ්‍යම පළාතේ සංවර්ධන ප්‍රගතිය සමාලෝචනයට මධ්‍යම පළාත් සභාවේ 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය සමාලෝචන වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (10) දින පැවැත්විණී.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබීණී. මෙම සාකච්ඡාවේදී 2025 වර්ෂයට අදාළ මේ දක්වා ආයතනික සංවර්ධන ප්‍රගතිය, ගිවිසුම්ගත සේවා හා ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය කෙරිණි. ඒ යටතේ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය කර ළඟා වීමේදී පවතින ගැටලු හා විසඳාගත යුතු ගැටලු සඳහා විසඳුම් ලබාදීම, අදහස් හා යෝජන ලබා ගැනීම ද සිදු කෙරිණි.පසුගියදා ඇති වූ ආපදා සම්බන්ධව 2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන අවශයතාව නව ව්‍යාපාති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි විශේෂ අවධානය යොමුවිණි.ආපදා හානි තත්වයක් පුනරුත්ථාපනය කිරීම යටතේ ආයතනික මට්ටමින්ව සිදු වූ හානිය යථාවත් කිරීමට යොදා ඇති ක්‍රියාමාර්ග සහ ආයතනික මට්ටමින්ව හඳුනා ගත් පුනරුත්ථාපන ව්‍යාපෘති හා ඒ සඳහා 2026 වර්ධය සඳහා අවශය ප්‍රතිපාදන සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදි අධ්‍යාපන, පළාත් පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම. සත්න්ව නිෂ්පාදන, වාරිමාර්ග හා පළාත් වාරිමාර්ග සහ වෙනනත් ආයතන සම්බන්ධයෙන් අවධානය යොමුවිය.මීට සමාගාමීව ආපදා සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේ ප්‍රගතිය, ආපදා සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදසේ සම්බන්ධයෙන් ද සකච්ඡා විය. එමෙන්ම මධ්‍යම පළාත් සභාවේ තනතුරු සඳහා බඳවා ගැනීම්, තනතුරු පුරප්පාඩු, විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞබ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, සභා ලේකම් සුජානි ආර්. විජේතුංග, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක, යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, ආයතන හා ව්‍යාවස්ථාපිත ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook