කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසලෙන් අවතැන් ජනතාවට ආධාර තොගයක්
කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසලෙන් අවතැන් ජනතාවට ආධාර තොගයක්
කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබා දීම සඳහා එක්රැස් කරන ලද භාණ්ඩ තොගයක් කුණ්ඩසාලේ, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභාවේ දී (18) දින පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.රුපියල් ලක්ෂ පහලොවක් පමණ වටිනා මෙම භාණ්ඩ තොගය කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසල් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමාර රම්බොඩගෙදර මහතා විසින් සංකේතාත්මකව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වෙත ලබා දෙන ලදි.කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසල් සමූහයට අයත් මහනුවර, කුරුණෑගල, මාවනැල්ල, කඩුගන්නාව, ගල්කිස්ස යන ශාඛාවල සිසු දරුවන් සහ දෙමාපියන් විසින් පරිත්‍යාග ලද වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ හා පාසල් උපකරණ තොගයක් මෙසේ පිරිනැමම සිදුවිණි. මෙම භාණ්ඩ තොගය මධ්‍යම පළාත් සභාවේ සම්බන්ධිකරණය යටතේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම ද මීට සමගාවීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, කැන්ඩි රෝයල් ජාත්‍යන්තර පාසලේ ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.
