“ශිල්ප අභිමානී -2025” මැදරට අත්කම් දැක්ම මහනුවරදී

“ශිල්ප අභිමානී -2025” මැදරට අත්කම් දැක්ම මහනුවරදී

“ශිල්ප අභිමානී -2025” මැදරට අත්කම් දැක්ම මහනුවරදී “ශිල්ප අභිමානී -2025” මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධනත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් ආයතනයේ දී (KCC) (06) දින ආරම්භ කෙරිණී.මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික ශිල්ප සභාව එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාත පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විසින් නිර්මාණ කළ ක්ෂේත්‍ර රැසක ජයග්‍රහී “ශිල්ප අභිමානී -2025” සඳහා ඉදිරිපත් කර තිබූ අතර නොවැම්බර් මස 07 සහ යන 08 දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා එම නිර්මාණ ප්‍රදර්ශනය කෙරේමෙම ප්‍රදර්ශනයට සමගාමීව හස්ත කර්මාන්ත ආශ්‍රිතව සිහිවටන නිර්මාණ තරගයක් සහ අලෙවි ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන්,ශිල්පීන් ජාතික ශිල් සභාවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.ජි. සමරනායක, මහනුවර සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජේසේන යන මහත්ම මහත්මින් ඇතුළු හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook