"ලංකාර 2025" මහනුවර දී ඇරඹේ.

"ලංකාර 2025" මහනුවර දී ඇරඹේ.

"ලංකාර 2025" මහනුවර දී ඇරඹේ. ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද "ලංකාර 2025" ලාක්ෂා ප්‍රදර්ශනය මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රයේදී නොවැම්බර් මස ඊයේ (21) දින ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ස‍හ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය ලාක්ෂා ආශ්‍රීත හස්ත කර්මාන්ත නිර්මාණ සඳහා නව වර්ණ, දියර ලාක්ෂා, නවින තාක්ෂණය හඳුන්වා දීම වෙනුවෙන් පැවැත්විණි. මීට සමගාමීව හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.මෙම ප්‍රදර්ශනය නොවැම්බර් මස 22, 23 යන තෙදින තුළ පෙරුවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැවැත්වේ.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන්, ලාක්ෂා කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook