“ශිල්ප අභිමානී -2025” ජයග්‍රාහකයින් ඇගයේ

“ශිල්ප අභිමානී -2025” ජයග්‍රාහකයින් ඇගයේ “ශිල්ප අභිමානී -2025” මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයමේ වැඩසටහන මහනුවර 'කරළිය' රංග ශාලාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණී.මෙහිදි මෙම ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම සිදු කෙරිණි. මීට සමගාමීව හස්ත කර්මාන්ත නිෂ්පාදන ඇසුරින් පවත්වන ලද සිහිවට නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ද ඇගයීමට ලක්කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාපනයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook