“සුසත් ඇදුරු හරසර” ශ්‍රී ලාංකීය අසහාය මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට විශ්‍රාම උපහාර පිදේ.

“සුසත් ඇදුරු හරසර” ශ්‍රී ලාංකීය අසහාය මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට විශ්‍රාම උපහාර පිදේ.

“සුසත් ඇදුරු හරසර” ශ්‍රී ලාංකීය අසහාය මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට විශ්‍රාම උපහාර පිදේ. 37 වසරක රාජ්‍ය සේවා ජීවිතයට සමු දෙමින් ඉසිඹු ලබන වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා හට උපහාර පිදීමේ උත්සවයක් “සුසත් ඇදුරු හරසර” නමින් 26වන දින මඩවල උත්සව ශාලාවේ දී පැවැත්වින.ශ්‍රී ලාංකේය ක්‍රීඩාව ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යමින් ජයග්‍රහණ රැසක් රටට අත් කරදීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ සුසන්ත ප්‍රනාන්දු නම් විශිෂ්ට මලල ක්‍රීඩා පුහුණුකරු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම 26 දින සිදුවිය. වලල නාමය ජාතික හා ලෝක මට්ටම දක්වා ගෙන යමින් Olympic ක්‍රීඩා උළෙලක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත් වූ තරුෂි කරුණාරත්න වැනි ක්‍රීඩිකාවන් රටට බිහිකළ අසහාය පුහුණුකරු වෙත උපහාර පිදීමේ මෙම උත්සවය වත්තේගම අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ උපදෙස් මත වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කොට පැවතුණි.සිය මව, පවුලේ සහෝදර සහෝදරියන්, බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ සැම දෙනා සහභාගී කර ගනිමින් මෙම විශ්‍රාම උපහාර උළෙල පැවැත්වීම සුවිශේෂත්වයක් වූ අතර මෙහිදී උපහාර ගී ඇතුළත් ගී තැටියක් එළිදැක්වීමද සිදුවිය.මෙහිදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන්, වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයෙන්, වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අංශයෙන්, කලාපයේ ක්‍රීඩා ගුරුවරුන්ගෙන් හා ගුරු උපදේශකවරුන් විසින් උපහාර පිදීම සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook