හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතියේ “හරිගමන” යෙදවුම ජනගත කෙරේ
හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතියේ “හරිගමන” යෙදවුම ජනගත කෙරේ
ප්‍රවාහන අවශ්‍යතා පහසු සහ ලාභදායි ලෙස විධිමත් අන්දමින් නියාමනය කිරීම සඳහා පිහිට වූ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” ජනගත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී (06) පැවැත්විණි.මෙහිදි “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” විසින් ප්‍රවාහන සේවා ලබාදීමට හඳුන්වා දෙන ලද “හරිගමන” ප්‍රවාහන සේවා යෙදවුම ජනගත කිරීම ද සිදු කෙරිණි.මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” ලියා පදිංචි කර ඇති අතර එම සමූපකාර සමිතිය හරහා ජනතාව වෙත ප්‍රවාහන ඇතුළු සේවා රැසක් ලබාදීමට සැලසුම් කර ඇත.මෙම ජනගත කිරීමේ අවස්ථාවට සමගාමීව “හරිගමන” යෙදවුම හරහා විවිධ ක්ෂේත්‍රයන් සදහා ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාමය සංවාදයක් ද සංවිධානය කර තිබිණි.එමෙන්ම “හරිගමන” යෙදවුම සහ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” හඳුන්වාදීම සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද මෙහිදි පවැත්විණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙම නියමු ව්‍යාපෘතිය හරහා මහනුවර කේන්ද්‍රකර ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවනු ඇතැයී පැවසීය.එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මහනුවර බහුවිධ ප්‍රවාහන සේවා පර්යන්තයේ (KMTT) කටයුතු සඳහා විශාල අත්වැලක් සැපයෙනු ඇති බවත් සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත්, මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් පි.ඩබ්ලිව්. ශිරෝමණි, හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතියයේ සභාපති ඒ.එස්. කුමරන්යන මහත්ම මහත්මීන්, වෙළඳ හා ත්‍රී රෝද රථ සංගම් නියෝජිතයින්, ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වුහ.
