වලපනේ ආපදා නිරීක්ෂණයට
වලපනේ ආපදා නිරීක්ෂණයට
නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයන් නිරික්ෂණය කිරීමේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින සිදු කෙරිණි.මෙම නිරික්ෂණ චාරිකාවේදි නාය යාම් හා පස් කඳු කඩා වැටීම නිසා නිසා විනාශට පත්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සතු මාර්ග සම්බන්ධයෙන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයනු ලබන සුළු වාරීමාර්ග ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
ඒ් අනුව වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෘෂි කර්මික කටයුතු සඳහා ජලය සම්පාදනය කරනු ලබන පදියපැලැල්ල හරහා ගලා යන බෙලිහුල්ඔයේ වැල්ලගිරිය, වඩුවාවල හානියටපත් සුළු වාරි මාර්ග පද්ධතිය නිරික්ෂණයට ආණ්ඩුකාරවරයා එක්විය.
එමෙන්ම පදියපැලැල්ල නගරය හරහා ගලා බසින බෙලිහුල්ඔයට ඉහළින් ඉදිකර තිබෙන පැරණි පාලම නිරීක්ෂණය කළ අතර පාලමට පහළින් රැඳී තිබෙන විශාල ගල් ඉවත් කර අවහිරතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුකාරවරා උපදෙස් ලබා දෙන ලදි.
ඒමෙන්ම පදියපැලැල්ල නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමක් අසළ සිදුව ඇති මාර්ග ගිලා බැසීම සම්බන්ධයෙන් ද එය නැවත ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පදියපැලැල්ල අඹගස්පිටිය ගලබොඩ මාර්ගය නාය යාම, කඩදොර විහාරස්ථනාය අසලින් දිවෙන මාර්ගයේ පාලම හානීවීම, මතුරට දුනුකේබැද්ද කොණ්ඩගල නාය යාම, මුංවත්ත ප්‍රදේශයේ කඳු වැටියක් නාය යාම හේතුවෙන් ඇති වූ නිවාස හා දේපළ හා ජීවිත හානි සිදු වූ ස්ථානයන් ද නිරික්ෂණය කළේය.
වලපනේ හයිෆෝරස්ට් මාර්ගයේ මහ ඌව ඩෑම් ඩිවිෂන් ප්‍රදේශය, මිල්ලපිටිය උඩකොටස, කුඹුක්වෙල මාර්ගය, තෙරිපැහැ රාසිංගොල්ල, මීරියබැද්ද යන ප්‍රදේශවල සිදු වූ විශාල නාය යාම් හා ඒ් හේතුවෙන් මාර්ගයට සිදු වු හානි සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මෙම මාර්ගයන්හී බොහොමයක් සඳහා වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති ඇතර මාර්ග කිහිපයක පමණක් ජනතාවට ගමන් කළ හැකි පරිදි ප්‍රවේශ මාර්ග සකස් කර දී ඇත. ආපදාවට ලක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශිය සභාව යටතේ පවතින මාර්ග මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවති.මෙම නිරික්ෂණය සඳහා වලපනේ ප්‍රදේශිය ලේකම් කාර්යාලය ප්‍රාදේශිය සභාව, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාල ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙහිදි ප්‍රතිසංස්කරණය කිරීමට ඇති මාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම සහ ඒම මාර්ග පිලිසකර යලිත් ජනතාව සඳහ විවෘත කළ හැකී මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මීට සමගාමීව ප්‍රදේශයේ ආපදා සහන සැලසීම, ජනතාව සඳහා පහසුකම් සැලසීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති නලීන් දේශප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරීය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ඒ්.ඒ්. වීරකොන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.
