ආපදාවට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහන ගුරුදෙනියේදී

ආපදාවට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහන ගුරුදෙනියේදී

ආපදාවට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහන ගුරුදෙනියේදී පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට ලක්ව අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදුකර ගැනීමට අපහසු වූ නාවුල අධ්‍යාපන කලාපයේ පාසල්වල මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහනේ සමාරම්භය මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (08) ආරම්භ කෙරින. නාවුල අධ්‍යාපන කලාපයේ අඹන්ගගකෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් 07ක් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටින දරුවන් මෙම වැඩසටහන සදහා සම්බන්ධ වී සිටින අතර, පුරා දින 30ක් මෙම අධ්‍යාපන සත්කාරක වැඩසටහන පැවැත්වීමට සැලසුම්කොට පවති. විභාග කඩඉම ජයගැනීම සදහා විෂය දැනුම , විභාගයට හුරු කිරීම, මුද්‍රිත නිබන්දන හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම, සාමුහික ක්‍රියාකාරකම් ගොඩනැගීම , නායකත්ව පුහුණුව, මානසික සුවතාවය ඇති කිරීම සමගින් කාණ්ඩ විෂයයන් ඇතුළු සියලු විෂයයන් ආවරණය කරමින් සිංහල හා දෙමළ මාධ්‍යයන් ගෙන් මෙම වැඩසටහන සංවිධානය කොට පවතී. පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය , මහින්ද ද්විතික පාසල , කුබල්ඔලුව ප්‍රාථමික විද්‍යාලය , රත්තොට මහාබෝධි විද්‍යාලය , හුණුකටේ කනිෂ්ට විද්‍යාලය , ගම්මඩුව දෙමළ මහා විද්‍යාලය, හපුගස්පිටිය දෙමළ විද්‍යාලය , පේරාදෙණිය හිංදු විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් දරුවන් 140 දෙනෙකු මෙම වැඩසටහන සදහා සහභාගී වී සිටින අතර පළාතේ සිටින ප්‍රවීන සම්පත්දායකන් 50 දෙනෙකුට අදික පිරිසක් මගින් දැනුම ලබාදීම සිදුකරනු ලැබේ. මෙහිදී අවශ්‍ය සියලු ඉගෙනුම් ද්‍රව්‍ය හා සියලු පහසුකම් ලබාදෙමින් මෙම වැඩසටහන් සංවිධානය කොට පැවතීම විශේෂත්වයකි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ උපදෙස් හා මගපෙන්වීම මත , මධ්‍යම පළාත් අධ්‍යාපන් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් ) වයි.එම්.හේරත් බණ්ඩා, නාවුල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහානාම අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook