අපද්‍රව්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ සහ පිරිසැකසුම් මධ්‍යස්ථානයක් දිගනට

අපද්‍රව්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ සහ පිරිසැකසුම් මධ්‍යස්ථානයක් දිගනට

අපද්‍රව්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ සහ පිරිසැකසුම් මධ්‍යස්ථානයක් දිගනට මහනුවර දිස්ත්‍රික්කයේ අවිධිමත් අපද්‍රව්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ සහ පිරිසැකසුම් මධ්‍යස්ථානයක් දිගන,අළුත්වත්ත ප්‍රදේශයේදී ආරම්භ කිරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින සිදු කෙරිණි.අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කාන්තා හා තරුණ දායකත්වය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන කොකා කෝලා සිසිල්බීම සමාගමේ ‘කොකා කෝලා පදනම’, ජනතාක්ෂන් ආයතනය හා නෙප්චූන් රීසයිකලර්ස් ආයතනය එක්ව ක්‍රියාත්මක කරයි.මෙම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය කාන්තා හා තරුණ දායකත්වය එකතුකර, වර්ගකර, පිරිසිදු කිරීමකට ලක්කිරීම සිදු කෙරේ. මේ සඳහා පෞද්ගලික ව්‍යවසායිකාවක් විසින් ‘දිගන රීසයිකල් සෙන්ටර් පුද්ගලික සමාගම’ නමින් මෙම ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම මධ්‍යස්ථානය හරහා කාන්තා හා තරුණයින් සඳහා සෘජු හා වක්‍ර රැකියාවන් සහ ආදයම් උත්පාදනය කිරිම අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ අපද්‍රව්‍ය සඳහා වටිනාකමක් ලබාදීම සහ ඒවා අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපැයීම අපේක්ෂා කරයි. මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඒළිය දිස්ත්‍රික්ක තුන තුළත්, වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර ඇත.ඒ් අනුව ආරම්භ කරන ලද අපද්‍රව්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ සහ පිරිසැසකසුම් මධ්‍යස්ථානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ අතින් විවෘත කිරිම සිදු කරන ලදි. ඒ හා සමගාමීව පිරිසැකසුම් ඒකකය සහ අප ද්‍රව්‍ය එකතු කිරීම සඳහා සකස් කරන ලද විද්‍යුත් යතුරු පැදියකට සවිකරන ලද ට්‍රේලර් රථ සංකේතාත්මකව ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරීය, මධ්‍යම පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරි, නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) සමිත දුනුකේපොත, ජනතාක්ෂන් ආයතනයේ වැඩසටහන් ප්‍රධානි සසික කෝණාර, නෙප්චූන් රීසයිකලර්ස් ආයතනයයේ කලමනාකරු (ද්‍රව්‍ය එකතුකිරීම්) සංජීව උඩවත්ත, කොකා කෝලා සිසිල්බීම සමාගමේ නිලධාරීන්, ආයතයේ හිමිකාරිණි සෞම්‍යා දිල්හානි යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook