"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව ආරම්භ කෙරේ
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව ආරම්භ කෙරේ
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව පිහිටුවීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (13) දින සිදු කෙරිණී.
මෙම දිස්ත්‍රික් සභාව පිහිටුවීම මගින් ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් නීතිය රැහැනට හසුකර ගැනීම සහ හුදෙකළා කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම හා ප්‍රතිකාර සඳහා යොමු කිරීම, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ස්ථාපිත කිරීම, "ඉවත් වෙනු" යන තේමාව ඔස්ස ඔස්සේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලිය මගින් සමාජය දැනුවත්භාවය සඳහා අවශ්‍ය සංවිධාන යන්ත්‍රණය ශක්තිමත් කිරීම සිදුකෙරේ.
මේ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ආගමික නායකයින් ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ සහ විද්වතුන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, නිවාරණය සම්බන්ධ ගැටළු, යෝජනා සහ අදහස් ලබා ගැනීම සිදුකෙරිණි. එමෙන්ම මීට සමගාමීව ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළ මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පුජකයින්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාරි ජයසිංහ, තනුර දිසානායක, ඊ.එම්. බස්නායක යන මහත්ම මහත්මීන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු පළාත් සභා අමාත්‍යාංශ ලෙකම්වරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
