මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය විමසුමට
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය විමසුමට
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික සංවර්ධන සැලැස්ම 2026 සම්බන්ධයෙන් සහ 2025 වර්ෂයේ ප්‍රගතිය පිළිබඳව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (21) දින පැවැත්විණී.මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 2025 වසරේ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය සමාලෝචනය, අවිච්ජේද වැඩසටහන්, ආපදා මාර්ග සංවර්ධන වැඩසටහන් හා ගැටළු හා විසඳුම් යෝජනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. මීට සමගාමීව 2026 වසරේ සංවර්ධන සැලැස්මට අදාළ යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රවාහන හා මර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් චන්ද්‍රසිරි, සාමාන්‍යාධිකාරී ඉන්දික පුවක්ගොල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.
