"සිරි දළදා වන්දනාව" සම්බන්ධ ග්‍රන්ථයක් ජනගත කෙරේ
"සිරි දළදා වන්දනාව" සම්බන්ධ ග්‍රන්ථයක් ජනගත කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදි පසුගිය 2025 වර්ෂයේ පවත්වන ලද "සිරි දළදා වන්දනාව" දළදා දැක්ම පිළිබඳව උගත් පාඩම් ඇතුලත්ව සම්පාදනය කරන ලද ග්‍රන්ථයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය, ඉංජිනේරු පීඨය ඉදිරිපිට ජපන් මිත්‍රත්ව පදනම් (JRDC) ආයතනයේ දී (22) දින ජනගත කීරීම සිදුකෙරිණී.ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට පාර්ශවය (SLIESL- Kandurata Chapter) විසින් සම්පාදනය කළ මෙම ග්‍රන්ථය "Lessons Learnt from Siri Dalada Wandanawa 2025 Managing Millions with digniity" නමින් එළි දැක්වීම සිදුකෙරිණි.2025 වර්ෂයේදි වසර 16 කට පසුව පවත්වන ලද "සිරි දළදා වන්දනාව" සම්බන්ධයෙන් වන්දනා කරුවන්ගේ දත්ත තොරතුරු, ඇතුලු කරුණු එක්රැස්කරමින්, ඉදියේදි පවත්නු ලබන මෙවැනි කාර්යයන් සදහා දත්ත හා තොරතුරුවල ඇති වැදගත්කම පිළිබඳව අවධානය යොමුකරමින් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය ඉංග්‍රීසිය භාෂාවෙන් නිකුත්කර ඇති අතර ඉදිරියේදි ග්‍රන්ථය සිංහල සහ දෙමළ භාෂාවෙන් ද සම්පාදනය කිරීමට නියමිතව ඇත.මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් එදිරිසිංහ මහතා විසින් "දත්ත, වෘත්තීය ගෞරවය සහ ගුණාත්මක තීරණ" යන තේමාවෙන් සිදු කළේය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මාර්ග අමාත්‍යංශය ලේකම් දිලීපා රූපානී පියදාස, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට පාර්ශවයේ සභාපති ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න මහතා සහ සාමාජිකයින්,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
