කොත්මලේ  ආපදා යථාවත් කිරීම් නිරීක්ෂණයට

කොත්මලේ ආපදා යථාවත් කිරීම් නිරීක්ෂණයට

කොත්මලේ ආපදා යථාවත් කිරීම් නිරීක්ෂණයට දිට්වා සුළි සුළං තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයන් යථාවත් කිරීම් නිරික්ෂණය කිරීමේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (24) දින සිදු කෙරිණි.මෙම නිරික්ෂණ චාරිකාවේදි නාය යාම් හා පස් කඳු කඩා වැටීම නිසා විනාශට පත්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සතු මාර්ග යථාවත් කිරීම සම්බන්ධයෙන් සහ ප්‍රවාහන, කෘෂිකර්ම, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.ඒ අනුව කොත්මලේ, හරංගල, දඹගල අහස්වැව මාර්ගය, අළුත්වත්ත නාය යාම හා විකල්ප මාර්ගය ඉදිකිරීම, වර්ධනකුඹුර නාය යාම, කලපිටිය මාර්ගය නාය යාම, පූඬළුඔය ඊටන් වත්ත විනාශ වූ පාලම, රම්බොඩගම විශාල නාය යාම සහ ඒ හේතුව නිසා මාර්ග විනාශය වීම ඇතුලු හඳුනාගත් ආපදාවට ලක්වු ප්‍රදේශ නිරික්ෂණය සහ මාර්ග ඇතුලු කටයුතු යථාවත් කිරීම නිරික්ෂණය කළේය. එමෙන්ම රම්බොඩ ඇල්ල සහ පූනා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවල ආපදා තත්ත්වයන් සහ එම ප්‍රදේශ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි. කොත්මලේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා ලක්වූ ආපදාවන්ට ලක් වූ බොහොමයක් මාර්ග වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති අතර මාර්ග කිහිපයක පමණක් ජනතාවට ගමන් කළ හැකි පරිදි ප්‍රවේශ මාර්ග සකස් කර දී ඇත. ඒ අනුව ආපදාවට ලක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශිය සභාව යටතේ පවතින මාර්ග මේ වන විට ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.මෙම නිරික්ෂණය සඳහා කොත්මලේ ප්‍රදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් දායකත්වය ලබාදෙන ලදී මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනුෂ්කා තිලකරත්න, කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී.ඒ.කේ. මුරමුදලි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ඒ්.ඒ්. වීරකොන්, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook