දිට්වා ආපදාවෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන ඇරඹේ
දිට්වා ආපදාවෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන ඇරඹේ
මහනුවර දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය කිරීම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි අද දින (06) සිදු කෙරිණි.ගඟවටකෝරලේ, කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක් වූ පිරිස් මේ සඳහා තෝරාගෙන තිබිණි. ඒ අනුව පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සහ කර්මාන්තකරුවන් වශයෙන් 154 ක පමණ පිරිසක් සඳහා සඳහා වන්දි ප්‍රදානය කිරීම මෙහිදි සිදු කෙරිණි.දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීම සිදු කෙරේ. කුඩා, මධ්‍යම හෝ මහාපරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ද මූල්‍ය ප්‍රදානය සිදු විණි.මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. එහිදි තමන්ටම හිමි ඉඩමක හෝ එම ඉඩමෙහිම නිවාස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබා දී එහි නිවස ඉදිකරන පුද්ගලයන් මෙම කාණ්ඩයට අයත් වූහ.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය හා ආගමික පූජකයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ජගත් මනුවර්ණ, ඊ.එම්. බස්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රතිලභීන් පිරිසක් සහභාගීවූහ.
