නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමේ වැඩසටහනක්
නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමේ වැඩසටහනක්
හැත්තෑඅටවන නිදහස් දින සැමරුම ට සමගාමීව සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා (06) පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවිධානය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මේ සඳහා මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුතු පිරිසක් එක්ව සිටි අතර ලේ දන්දීමට සහභාගී වූ සැමට පැල වර්ග බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරිණි.මෙම වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක යන මහත්වරුන් සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවිධානයේ නියෝජතයින් පිරිසක් එක් වූහ.
