“රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේ දී

“රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේ දී

“රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේ දී විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි උද්‍යානයේදී පසුගිය දා (11) දින පැවැත්විණී. මෙරට ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන තිබෙන අතර, සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජීය සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම අරමුණු කරගෙන මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.කිසිදු දරුවෙකු මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් සහ කිසිදු මවක, පියෙකු සහ පවුලක් එහි වින්දිතයන් බවට පත් නොවන සමාජයක් ගොඩනැඟිය යුතු බවත්, ගම් නියම්ගම් පුරා පැතිරෙමින් ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ අවබෝධයක් සහ එය පරාජය කිරීමේ සැබෑ වුවමනාවක් වත්මන් රජයට ඇති බවත් එම කාර්යය ඉටු නොකළහොත්, එය කිසි දිනක යථාර්ථයක් නොවනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කෙළේය. ඒ වෙනුවෙන්, ඉවත බලා නොසිට තම තමන්ගේ වගකීම් ඉටු කරමින් මෙම ජාතික ව්‍යසනයෙන් රට බේරා ගැනීමට එක් වෙමු යයි ද, නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳවැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, 2026 වසර නීතිය ඉදිරියේ සැවොම සමාන බවට පණ දෙන වසර බවට පත් කරන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. මෙම වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 ක් ද ඇගයිමට ලක් කෙරිණී. වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් මහතා මෙම අවස්ථාවේ ආරාධිත දේශනය සිදු කළ අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලීමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාද මෙහිදී අදහස් දැක්වීය. මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී.රාධක්‍රිෂ්ණන්, කේ. කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook