මහනුවර නගරය ආලෝකමත් කරමු’ තේමා‍වෙන් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල

මහනුවර නගරය ආලෝකමත් කරමු’ තේමා‍වෙන් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල

‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ තේමා‍වෙන් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) 2026 වසරේ පළමු අදියර මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, මහතාගේ ප්‍රධානත්වයෙන් (14) දින ආරම්භ කෙරිණී.. මේ සඳහා දේශීය හා ‍විදේශීය සංචාරකයින්ගේ ඉතා ඉහළ සහභාගීත්ව‍යක් දක්නට ලැබීම විශේෂත්වයකි. දේශීය ආහාර පාන, හස්ත කර්මාන්ත සහ සුළු පරිමාණ ව්‍යාපාරික නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන හා අලෙවි සැල් ඇතුළත් ප්‍රදර්ශන කුටි රැසක් මේ සඳහා එක් කර තිබිණි. මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර යටිනුවර ආවරණය වන පරිදි පැවැත් වූ අතර ඉදිරියේදීද සෙනසුරාදා දිනවලදී රාත්‍රී 06.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට නියමිතය‍. වැඩසටහන වර්ණවත් කිරීම සඳහා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජන කලා උළෙල සඳහා සහභාගීවූ රටවල් කිහිපයක ශිල්පීන්ගේ දායකත්වය ඇතිව සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර තිබිණී. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය ඇතුලු මහජන නියෝජිතයන්ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන්, යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින්, ව්‍යාවසායකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook