මධ්‍යම පළාත් සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක්

මධ්‍යම පළාත් සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක්

මධ්‍යම පළාත් සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරීමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කුණ්ඩසාලේ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාල නිරීක්ෂණය කිරීමේ චාරිකාවක පසුගියදා (26) දින නිරත විය.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම නිරීක්ෂණයේදී මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ඊට අයත් අංශ, සභා ලේකම් කාර්යාලය, පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ පළාත් විගණන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් නිරීක්ෂණය කෙරිණි. එමෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරීමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, මධ්‍යම පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් සහ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය හා ගැටළු සම්බන්ධව ද දැනුවත් කිරීමට කටයුතු කළේය.මීට සමගාමීව මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාලවල සේවය නිරත නිළධාරීන් සහ ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා අතර හමුවක් ද පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook