මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
2026 වසරේදී පළාත් පාලන ආයතන වෙත ලබා දෙන ප්‍රාග්ධන ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ නැංවීමට වර්තමාන රජය ගෙන ඇති තීරණය පරිදි මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ, පල්ලේ කැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගිය දා (27) දින පවැත්විණි.පළාත් පාලන ආයතන වල සංවර්ධන වැඩසටහන් හරහා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සහ පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීමකින් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන ලෙස ස්වයංව නගාසිටුවීම කරා යන ගමනට ශක්තියක් වීම උදෙසා නව ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරගැනීමට හෝ පවතින ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කරගැනිම උදෙසා අවශ්‍ය මග පෙන්වීම ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඒ් අනුව මෙම වැඩසටහනේදී පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරීන් දැනුම්වත්කර, මූලික කටයුතු අවසන්කර ප්‍රතිපාදන වෙන් කර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමත්, ඒ් සඳහා පවතින යෝජනා, අදහස් සහ ගැටළු හඳුනා ගැනීම සහ විසඳුම් ලබා දී සමාලෝචනය කිරීම ද සිදුවිණි.
මීට සමගාමීව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මැදදුම්බර ප්‍රාදේශීය සභාවට අයත්, ඉදි කරමින් පවතින ආදාහනාගාරය සහ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමත්, කුණ්ඩසාලේ ප්‍රදේශීය සභාවට අයත් අළුත්වත්ත කසළ අංගණය නිරීක්ෂණය කිරීමටත් එක් විය.මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මධ්‍යම පළාත් පලාත් පාලන ආයතන නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චි, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.
