'දිට්වා' ආපදාවෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය ජනපති ප්‍රදානත්වයෙන්

'දිට්වා' ආපදාවෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය ජනපති ප්‍රදානත්වයෙන්

'දිට්වා' ආපදාවෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය ජනපති ප්‍රදානත්වයෙන් ​මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලෙගල්දෙබොක්ක ග්‍රාම නිලධාරී වසමේ, නෙළුම්මල ගම්මානයේ සිදු වූ ඛේදනීය නායයාමෙන් ජිවිතක්ෂයට පත් අය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය ඊයේ (27) දින පමුණුපුර කණිෂ්ඨ විද්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණ.​සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය 70 නමක් විෂයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර, පෙරදින පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක් ද සංවිධානය කර තිබිණ.මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. එම්. බස්නායක මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා,මිනිපේ ප්‍රාදේශීය ලේකම් චමිලා විජේරත්න මහත්මිය, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ. ​ උපුටා ගැනීම - මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාධ්‍ය අංශය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook