ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය මහනුවර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාල කණ්ඩායමට

ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය මහනුවර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාල කණ්ඩායමට

ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය මහනුවර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාල කණ්ඩායමට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයිය සුභාසධක සංගමය විසින් සංවිධානය කළ මිශ්‍ර ක්‍රීඩක, සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පසුගිය දා (28) දින පැවැත්විණ.මෙම තරගාවලිය ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම,සභා ලේකම් කාර්යාලයිය කණ්ඩායම, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලන අංශ කණ්ඩායම, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් පුහුණු අංශයේ කණ්ඩායම,නියොජ්‍ය ප්‍රධාන ලේකම් ගිණුම් අංශ කණ්ඩායම, පළාත් විගණන දෙපාර්තමේන්තු කණ්ඩායම, ඉඩම් දෙපාර්තමේන්තු කණ්ඩායම, පළාත් පාලන දෙපාර්තමේන්තු කණ්ඩායම, රියදුරු එකමුතු කණ්ඩායම , මහනුවර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාල කණ්ඩායම, නිවාස දෙපාර්තමේන්තු කණ්ඩායම අතර පැවැත්වින.තරගාවලියේ ශුරතාව මහනුවර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාල කණ්ඩායමට විසින් හිමිකරගත් අතර අනුශුරතාවය පළාත් විගණන දෙපාර්තමේන්තූ කණ්ඩායමට හිමි විය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජි.එම්.කේ. ඒකනායක මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) සී.කේ. අමරකෝන් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමාරච්චි මහතා,පලාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ල මහත්මිය, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දයා අරියවංශ මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook