මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ
මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ
ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ, මහනුවර දිසා ශාඛාවේ 2025/2026 මහා සභා රැස්වීම සහ 106 වන සංවත්සරය සැමරීම කුණ්ඩසාලේ, පල්ලේකැලේ, බාලදක්ෂ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී (28) දින පවැත්විණි.ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතා සහ මධ්‍යම පළාත් බාලදක්ෂ කොමසාරිස් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ක්‍රිෂාන් වාසලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභා රැස්වීම සංවිධානය කර තිබිණි.
මෙහිදි පසුගිය මහා සභා වාර්තා, ප්‍රගතිය හා අය වැය වාර්තා ඉදිරිපත් කිරීම, දිසා බාලදක්ෂ කටයුතු පිළිබඳ වාර්තා සහ යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරිණි. එමෙන්ම 2026/2027 වර්ෂ සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම ද සිදු කෙරිණි.මෙම අවස්ථා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ දිසා කොමසාරිස් ලෙස කටයුතු කළ කපිල ප්‍රියන්ත මහතා ඇගයීම ද සිදුවිණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පත්මලාල් පෙරේරා, මහනුවර දිසා කොමසාරිස් මංජුල විජේසිංහ යන මහත්වරු අතුළු බාලදක්ෂ නායකයින්, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනි මහත්මිය ඇතුළු මහනුවර දිසා බල දක්ෂ සංගමයේ සාමාජිකයින් පිරිසක් එක් වූහ.
