ලස්සනවෙන නවයාලතැන්න, පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානය

ලස්සනවෙන නවයාලතැන්න, පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානය

ලස්සනවෙන නවයාලතැන්න, පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානය මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද නවයාලතැන්න පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානයේ 2026 වර්ෂය සඳහා වැඩසටහන් ආරම්භ කිරීම පසුගිය දා (05) දින සිදු කෙරිණි.මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.නවයාලතැන්න පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණය යටතේ මුළුතැන්ගෙය ඉදිරිකිරීම ඇතුළු කටයුතු සිදු කර ඇත. මෙම වැඩසටහනට සමගාමීව මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් නිර්මාණය කරන ලද බෙව් අඩවිය ආරම්භ කිරීම සහ පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීම ද සිදු කරන ලදි. නව වෙබ් අඩවිය හරහා මාර්ගගතව නේවාසික පහසුකම් ලබා ගැනීම කටයුතු සහ මුදල් ගෙවීම කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා ඇත. පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ PLAS නමින් මෘදුකාංගයක් මධ්‍යම පළාතට හඳුන්වා දම සිදු වූ අතර වෙබ් අඩවිය සහ මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ප්‍රජා සංවර්ධන නිලධාරී ඩී.එම්.කේ දිසානායක මහතා විසිනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook