මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලානය ගම්පොල අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමයට

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලානය ගම්පොල අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමයට

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලානය ගම්පොල අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමයට නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයත්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කළ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය පසුගිය 07 වන දා නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ හා නුවරඑළිය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එස්.එම්.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කලාප අධ්‍යාපන කාර්යාල 15 හා අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම අතර පැවති මෙම තරගාවලිය තරග අංශ 02 ක් යටතේ පැවැත්විණ. කණ්ඩායම් 16 ක් සහභාගී වූ මෙම තරගාවලියේ ශූරතාවය ගම්පොළ අධ්‍යාපන කලාප කණ්ඩයම දිනාගන්නා ලදී. අනුශූරතාවය හැටන් අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමට හිමි විය. හොඳම පිතිකරුවා හා හොඳම පන්දු යවන්නා ගම්පොළ අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමට හිමිවිය. වයස අවුරුදු 50 ට වැඩි අය සඳහා වූ තරඟයේදී ශුරතාව මහනුවර කලාප කාර්යාල කණ්ඩායමට හිමිවිය.හඟුරන්කෙත කලාප කාර්යාල කණ්ඩායමට එහි දෙවන ස්ථානය හිමිවිය. හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන නිහාල් අලහකෝන්, කේ.ජී.අමරසිරි පියදාස, හිටපු පළාත් වැඩිදුර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.පී.බිහල්ලේගෙදර යන මහත්වරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook