"පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය රංගල දෙමළ මහා විද්‍යාලයේදී

"පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය රංගල දෙමළ මහා විද්‍යාලයේදී

"පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය රංගල දෙමළ මහා විද්‍යාලයේදී "පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් රංගල දෙමළ මහා විද්‍යාලයේදී පසුගියදා (10) පැවැත්විණ. මෙහිදී ජනතාවගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වූ අතර වතු ආශ්‍රිත ඉඩම් ගැටළු, රංගල ප්‍රදේශයට බැංකු, සන්නිවේදන, ඉන්ධන පිරවුම්හලක, බස්රථ නැවතුම්පලක, බස්රථ පහසුකම් වැඩිදියුණු කරගැනීම යන අවශ්‍යතා පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ දරුවන්ට සාධාරණ රටක් ලබාදීමත් අනෙක් පාසල් සේම වතු පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමත් වතු ආශ්‍රිත දරුවන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත් පිලිබදව වත්මන් රජය අවධානය යොමුකර ඇති බවත්ය. වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගුරු හිගයට විසදුම සකස් කරමින් පවතින බවත් ගුරුතුලනය සර්ව සාධරණ ක්‍රියාත්මක කරන බවත් රංගල ප්‍රදේශයේ පවතින සන්නිවේදන ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවත් සංචාරක ප්‍රවර්ධනය සදහා ව්‍යපෘති හදුනාගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළ සිටියහ. ජංගම සේවයට සමගාමිව මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් පළාත් පාලන සේවාවන්, විදී ලාම්පු සවිකිරීම, නාගරික හා සැලසුම් ගැටළු සදහා පිළිතුරු ලබාදීම හා වෛද්‍ය සායන ද පැවැත්විණ.මෙම ජංගම සේවය මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ අතර මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති රවිදු ප්‍රභාත් උස්වැටකෙයියාව මහතා ඇතුළු මහජන නියෝජිතයින්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ මහත්මිය, තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මහතා,මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් හේමකුමාර මහතා, මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook