මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වේ

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වේ

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වේ මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම කමිටුවේ සම සභාපතිවරුන් වන බුද්ධ ශාසන, අගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (11) දින මාතලේ දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය, අධ්‍යාපනය, සෞබ්‍යය, වාරිමාර්ග, කෘෂිකර්ම, කර්මාන්ත, ක්ෂේත්‍ර වල 2026 යෝජිත සංවර්ධන යෝජනා ඉටුකිරීම ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය විසඳුම් සහ උපදෙස් ලබාදීම ද සිදු කෙරිණී.එමෙන් දිට්වා ආපදා තත්ත්වය යටතේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ජන ජිවිතය යථාවත් කිරීම, නිවාස හා නැවත පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය යන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීමද සිදුවිය.මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත, සුනිල් බියන්විල, දීප්ති වාසලගේ සහ පළාත් පාලන ආයතන ප්‍රධානින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook