මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු විසදීමට සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු විසදීමට සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු විසදීමට සාකච්ජාවක් මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතා හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.මෙහිදී වතු පාසල්වල පවතින ගුරු හිගය, ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ඉහළ නැංවීම, වතු පාසල් ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම, ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම,විදුහල්පති පුරප්පාඩු, ඉඩම් සම්බන්ධ ගැටළු පිළිබද සාකච්ජා වූ අතර ඊට විසදුම් හා යෝජනා මෙහිදී ඉදිරිපත් විය. මෙම අවසථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කේ. ජි. එස්. නිශ්ශංක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) කේ.ඩි.එම්.ඒ.කේ. ඇලිකේවෙල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook