ජාත්‍යන්තර කාන්තා දින මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන පල්ලෙකැලේ දී
ජාත්‍යන්තර කාන්තා දින මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන පල්ලෙකැලේ දී
මධ්‍යම පළාත් කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධනය කරනු ලැබූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දා (12) දින පැවැත්විණි.‘සියළුම කාන්තාවන් සහ ගැහැනු ළමුන් සඳහා අයිතිවාසිකම්, යුක්තිය හා ක්‍රියාකාරීත්වය’ යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම සැමරුම් වැඩසටහනේදී මධ්‍යම පළාතේ ස්වශක්තියෙන් යුතුව නැගී සිටින ලද දිරිය කාන්තා ව්‍යවසයිකාවන් 40 දෙනෙකු ඇගයීමට ලක් කරමින් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමිම සිදු කරන ලදී. එමෙන්ම කාන්තා ව්‍යාවසායකයින්ගේ මුල්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන් හා ගෘහ මූල්‍ය කළමනාකරණය දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ, මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමනාකරිණි යසිනි රාජපක්ෂ මහත්මිය විසින් සිදු කළාය. මෙම සමරු වැඩසටහනට සමග කාන්තා ව්‍යාවසායකත්ව නිෂ්පාදන ඇතුළත් අලෙවි ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ පළාතේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකම සාර්ථකම කාන්තා ව්‍යවසයිකාවන්, කාන්තා සමිති නායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් පිරිසක් සහභාගි වූහ.
