මහනුවර කාන්තාවන්ගේ ව්‍යාපාර සමුපකාරයෙන් වෙළඳපොලක්

මහනුවර කාන්තාවන්ගේ ව්‍යාපාර සමුපකාරයෙන් වෙළඳපොලක්

මහනුවර කාන්තාවන්ගේ ව්‍යාපාර සමුපකාරයෙන් වෙළඳපොලක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ Empower Her වෙළෙඳ ප්‍රදර්ශනය - මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේදී (KCC) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) ආරම්භ කෙරිණී.සීමාසහිත මහනුවර කාන්තාවන්ගේ ව්‍යාපාර සමුපකාර සමිතිය විසින් ග්‍රාමීය තිරසර සංවර්ධන ආයතනය (IRSD) මඟපෙන්වීම යටතේ මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ මහනුවර ලංකා බැංකුවේ සහයෝගිතාවයෙන් මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණී.මෙම ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පළමු මහලේ මාර්තු මස 20 සහ 21 යන දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් පී.ඩබ්ලියු. ශිරෝමණි, සංචාරක අධ්‍යක්ෂ සදමාලි හේවගේ, ග්‍රාමීය තිරසර සංවර්ධන ආයතනයේ (IRSD) සභාපති ශිරාණි වීරකෝන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.එස්.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන්, ඇතුලු මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ ව්‍යාවසායකයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook