හාරිස්පත්තුව, අලදෙනියේ  ප්‍රතිසංස්කරණය කළ ළමා උද්‍යානය හා හෙළ බොජුන්හල විවෘත කෙරේ

හාරිස්පත්තුව, අලදෙනියේ ප්‍රතිසංස්කරණය කළ ළමා උද්‍යානය හා හෙළ බොජුන්හල විවෘත කෙරේ

හාරිස්පත්තුව, අලදෙනියේ ප්‍රතිසංස්කරණය කළ ළමා උද්‍යානය හා හෙළ බොජුන්හල විවෘත කෙරේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිසංස්කරණය කළ අලදෙනිය, ආනන්ද ජයවිලාල් ළමා උද්‍යානය හා 'සිය රස හෙළ බොජුන් හල' විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (24) සිදු කෙරිණී.හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම මත සභා ප්‍රතිපාදන යටතේ අභාවයට ගොස් තිබූ ආනන්ද ජයවිලාල් ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කර ඇත. එමෙන්ම මෙම ස්ථානයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව, දේශීය අහාර ඇතුළත් හා 'සිය රස හෙළ බොජුන් හල' ද ආරම්භ කෙරිණි.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් කරුණාරත්න, උප සභාපති ඩබ්ලිව්.ඊ. ජයතිස්ස යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශිය සභා මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාවසායකයින් සහ ප්‍රදේශවාසින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook