මධ්‍යම පළාතේ පාසල් සමුපකාර සමිති සදහා උපකරණ බෙදාදීමක්

මධ්‍යම පළාතේ පාසල් සමුපකාර සමිති සදහා උපකරණ බෙදාදීමක්

මධ්‍යම පළාතේ පාසල් සමුපකාර සමිති සදහා උපකරණ බෙදාදීමක් 'ඔබේ පාසලටත් සමුපාකාරයක්' මැයෙන් මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පාසල් සමුපාකාර ව්‍යාපාරය, පළාතේ පාසල් ගණනාවක ක්‍රියාත්මක අතර එම සමුපකාර සමිති සදහා උපකරණ බෙදාදීමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (27) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.මෙහිදී එම පාසල් සමුපකාර සමිති සදහා ජායා පිටපත් යන්ත්‍ර හා ගෘහභාණ්ඩ බෙදාදීමක් සිදුවූ අතර පළාතේ සියලු පාසල්වල මෙම පාසල් සමුපකාර සමිති ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා සමුපකාර ව්‍යාපාරය උතුම් ව්‍යාපාරයක් බවත් පාසල් දරුවන්ගේ සාමුහිකත්වය, නායකත්වය හා සහකම්පන ගුණාංගය වර්ධනය කිරීම සදහා මෙම ව්‍යාපාරය ඉතා වැදගත් බවත් පෙන්වා දුන්හ.මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොළ මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ.අමරකෝන් මහත්මිය, මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් එම්.පී.ඩබ්.ශිරෝමනි මහත්මිය,මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල්) වයි.එම්.හේරත් කෝරලේගෙදර මහතා පාසල්වල විදුහල්පතිවරුන් දරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook