‘මැදරට විස්කම් දෑත්’දකින්න අවස්ථාව
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ‘මැදරට විස්කම් දෑත් 2026’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ නිර්මාණ සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි, මධ්‍යම පළාත් පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන් ප්‍රධානත්වයෙන් පසුගියදා (02) ආරම්භ විය. මෙම අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 02 සහ 03,04 යන දිනවලද පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වාපැවැත්විණ. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් මිලදී ගැනීමත් ඒවා නිෂ්පාදනය කරනු අයුරු දැක බලා ගැනීමටත් අවස්ථාව උදාවිය.මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක් වුහ.
