ආණ්ඩුකාරවරයා සහ කියුබාවේ මෙරට තානාපතිනිය අතර හමුවක්
ආණ්ඩුකාරවරයා සහ කියුබාවේ මෙරට තානාපතිනිය අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වන පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී (02) දින සිදුවිය.මෙම හමූවේදී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින ඓතිහාසික හා දිගුකාලීන මිත්‍රත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය. දෙරට අතර අධ්‍යාපන, සෞඛ්‍ය. සංචාරක හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා කෙරීණී.එමෙන්ම මධ්‍යම පළාතේ දිට්වා ආපදා තත්ත්වය කළමනාකරණය කිරිම හා ජන ජිවිතය යථාවත් කිරීම සම්බන්ධව ද සාකච්ඡාවට ලක්විය. මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් කියුබානු තනාපතිවරිය වෙත සමරු සිහිවටනයක් ද ප්‍රදානය කිරිම ද සිදු කෙරිණි.
