මහනුවර, නාගස්තැන්න මාර්ගය සංවර්ධනයට පියවර

මහනුවර, නාගස්තැන්න මාර්ගය සංවර්ධනයට පියවර

මහනුවර, නාගස්තැන්න මාර්ගය සංවර්ධනයට පියවර අපජල ව්‍යාපෘතිය ඉදිකිරීමේදි හා දිට්වා ස්වභාවික ආපදාවෙන් හානියට පත්වූ මහනුවර නාගස්තැන්න මාර්ගය සංවර්ධනය කිරිමේ වැඩ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (06) දින ආරම්භ කෙරිණි.මෙම ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සකස් කිරීමට සිදුකෙරේ.මෙම අවස්ථාව සදහා මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, නාගරික මන්ත්‍රීවරුන් වන සංජය නුවන් ප්‍රියදර්ශන, අමිල වන්නිගම හා මංගල පුෂ්පකුමාර රම්බොඩගෙදර, නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු නාගරික කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook