මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රගතිය සාකච්ඡාවට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රගතිය සාකච්ඡාවට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රගතිය සාකච්ඡාවට මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTT) ක්‍රියත්මක කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (10) දින පැවැත්විණි. මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය නගරය තුළ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම බහුවිද ප්‍රවාහන ව්‍යාපෘතිය වේ. මෙම බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ වත්මන් ඉදිකිරීම් කටයුතු, ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කෙරිණි. එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව මහනුවර නගරයේ සිදුවන මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය එස්.වී. විජේකෝන්, ව්‍යාපෘති අධ්‍යක්ෂ (KMTT) පන්චුල රත්නායක යන මහත්ම මහත්මින් ඇතුළු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook