ප්‍රසම්පාදන කාර්ය පිළිබද පුහුණු වැඩමුළුවක්

ප්‍රසම්පාදන කාර්ය පිළිබද පුහුණු වැඩමුළුවක්

ප්‍රසම්පාදන කාර්ය පිළිබද පුහුණු වැඩමුළුවක් පසුගිය දා (08) නවයාලතැන්න පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. එම වැඩමුළුව පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි නාගරික කොමසාරිස්වරුන්, ලේකම්වරුන්, කාර්මික නිළධාරින්, විෂය නිළධාරින් ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ.ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් රජය විසින් පළාත් පාලන ආයතන වෙත වෙන්කොට ඇති මුදල් ඵලදායීව, කාර්යක්ෂම හා නිවැරදිව භාවිතා කිරිම සදහා අවශ්‍ය පුහුණුව ලබාදිම එම වැඩසටහනේ අරමුණ විය.එම වැඩමුළුව පළාත් පාලන දෙපාර්තමේන්තූවේ ගණකාධිකාරි ගැමුණු බණ්ඩාර මහතා හා ජ්‍යෙෂ්ඨ කාර්මික නිළධාරි S.R.ජයසේකර මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැවිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook