මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (22) දින පැවැත්විණි. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලදි. එමෙන්ම මාර්ග සංවර්ධනය, සෞඛ්‍යය, ප්‍රවාහන කටයුතු, අධ්‍යාපනය, කෘෂි කර්ම ක්ෂේත්‍රය, මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.වර්ෂා දිනවලදී පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරයට සිදුවන ව්‍යසනය වළක්වා ගැනීම වෙනුවෙන් අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම, කුණ්ඩසාලේ සහ අංකෙළිපිටිය ජල සම්පාදන ව්‍යාපෘතිවල ගැටළු, ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා පාසල් තෝරාගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම ඇතුළු දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධන වැඩසටහන් රැසක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook