සාම පාගමනේ තෙවන දිනයට එක් වූ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්
සාම පාගමනේ තෙවන දිනයට එක් වූ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්
ලෝක සාමය පතා සිදු කරන "එහි පස්සිකෝ" සාම පාගමන සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 32 ක දරුවන් පිරිසක් පසුගිය (24) දින එක් වූහ.මේ සදහා දරුවන් ඔවුන් විසින් සාම පාගමන සඳහාම නිර්මාණය කරන ලද විශේෂිත ශ්‍රී ලාංකීය ජාතික පුෂ්පය වූ මානෙල් මල අතැතිව මාර්ගය පසෙක සිට සහභාගී වූහ. මෙම දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ සියලුම නිලධාරීන් ස්ථානගත කර තිබූ අතර ගුරුභවතුන් සමඟ සිසු දරුවන්ද මාර්ගය දෙපස සිට තම ගෞරවාචාරය පුද කරන ලදී.මෙම අවස්ථාව සඳහා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ දිප්ති ප්‍රියදර්ශනී යන මහත්මීන් විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් එක් වූහ.
(ඡායාරූප කලාප අධ්‍යාපන කාර්යාලය මහනුවර)
